දළ කුමාර දෙවියෝ හෙවත් ගරා යකා…….

වස් දොස් දුරුකර ගැනීම සහ නෙත් පමුණුවා ගැනීමි අදහසින් ජනයා දෙවියන් සහ අමනුෂ්‍යයන් උදෙසා පුද පූජා පවත්වති. දෙවියන් සතුටු කිරීම පිනිස පවත්වන මෙම ශාන්ති කර්මය අතර මඩු ශාන්ති කර්මය විශේෂ තැනක් ගනී.
පහත රට ප්‍රදේශයේ කෙරෙන මෙම ශාන්ති කර්ම අතර දෙවොල් මඩුව ගමි මඩුව ප්‍රධාන ස්ථානයක් ගනී. හාස්‍යය ඉපදවන ගරා යක් නැටුම දෙවොල් මඩු ශාන්ති කර්මයේ අත්‍යවශ්‍ය අංගයක් වෙයි. මෙය දෙවොල් මඩුවෙි පිං බෙර වයා දෙවියන්ට පිං දීමට මත්තෙන් ඉදිරිපත් කිරීම විශේෂයකි .දල කුමාර දෙවියන් ගරා යකු ලෙස සැලකේ දඔදිව දන්ත පුරයෙහි විසූ සිංහ රජුගේ සහ හංසවතී දේවියගේ වැඩිමහල් පුත් කුමරා දළ කුමාරයා ලෙසින් සැලකේ. දළ කුමරාගේ නැගණිය ගිරි කුමරියයි. ඉතාම රුමත් බවින් යුතු ගිරි කුමරිය ඇගේ වැඩිමහල් සොහොයුරා වන දළ කුමාරයා අතින් අතවරයට පත්වන බව ජන වහරේ සඳහන් වෙයි. මෙම සිදුවීම සමිබන්ධ මහත් සංවෙිගයට පත් සිංහ රජු හා හංසවතී දේවිය තම දියණිය දළ කුමරැගෙන් බෙිරා ගැනීමට මහ හිමවතක වූ ගල්ලෙනක රහසේ සඟවා ඇති දැඩි කරයි.

කෙසේ වෙතද ගිරි කුමරිය සොයා දළ කුමරු හිමවත බලා ගමන් කළද ඇය සොයා ගැනීමට අපහසුවෙයි. ලෙහෙසියෙන් පරාජය නොවන දළ කුමාරයා තම මව වෙත පැමිණ නොයෙක් චාටු බස් දොඩා ගිරි කුමරිය බැහැ දැකීමට පමණක් අවසර පතයි. එම අවසරයෙන් ගිරි කුමරිය සොයා යන දළ කුමාරයා උපායෙන් තම නැගණිය වරදෙහි පොළබවා ගනී. දළ කුමරුගේ මෙම හැසිරීමෙ අවසන් ප්‍රතිඵලය වන්නේ ගිරි කුමරිය මහත් සොවට පත්ව අවසානයේ ගෙල වැලලාගෙන සිය දවි නසා ගැනීමයි. දළ කුමරුන් නොයෙක් බස් තෙපලුවත් ඉන් සෑහීමකට පත් නොවන ගිරි කුමරිය තමාට අවස්ථාව එළබෙන තෙක් බලා සිට ඇසළ ගසක එල්ලී සිය දිවි නසා ගනී. දළ කුමරුට හොරෙන් මියගිය ගිරි කුමරියගේ සිරුර සක් දෙවිදුන්(ශ්‍රී විශ්ණු දෙවියන් )විසින් ගෙන ගොස් සඟවයි. ඇය සිය දවි නසාගත් පුවත දැනගත් දළ කුමරු මුළු සක්වල පුරාම ඇය සොයා ඇවිදීයි. සිය දවි නසාගත් ගිරි කුමරියගේ දේහය සොයා දළ කුමරුන් ඉතාම බිහිසුණු ලෙස හැසිරුන ආකාරය ගිරි පුවතෙහි විස්තර වෙි. තම නැගණිය සොයා බොහෝ වෙහෙසට පත්ව දළ කුමරුට ශක්‍ර දේවෙින්ද්‍රයන් අවසානයේ ගිරි කුමරියගේ දේහය පෙන්වයි.

ගිරි කුමරියගේ දේහය අසල වැතිරුණු දළ කුමරු ඇගේ දේහය පිරිමැද ඇයට ප්‍රාණය පිහිටුවා දෙන ලෙස කන්නලව් කරද්දී සක් දෙවිදුන් ඇයට ප්‍රාණය පිහිටුවා ශක්‍ර භවනයට ගෙන ගිය බව කියවෙි. දළ කුමරුන් තමාට වූ මෙම සිදුවීමෙන් මහත් වූ ශෝකයටත් වෛරයටත් පත්ව මිය ගොස් යක්ෂයකු ලෙස උත්පත්තිය ලබන ලදී . මෙි සමිබන්ධ විශේෂ විස්තර මහාචාර්ය ඔබෙිසේකර මහතා රචනා කර ඇති සිංහල දේව පුරානයෙහි සඳහන් වෙි. ඉන් පළකරන සෘජු අදහස වන්නේ ගරා යකුට වස්දොස් දුරලීමෙි හැකියාව ලැබුවෙි ඔහු අතින් තම සොහොයුරිය කෙලෙසූ හේතුව නිසා යැයි කියවෙයි. අවතාර දොළසකින් සමන්විත ගරා යක් නැටුම පහත රට මඩු ශාන්ති කර්මයේදී බැති මතුන්ගේ වස්දොස් දුරලීම පිණිස කරන අවසන් ශාන්ති කර්මයි.
ගරා යකු සෑම දෙයම ගිල දැමීමට සපනෙකි. ඒ නිසාම ඔහුට වස් දොස් දුරලීමෙි විශේෂ හැකියාවක් වෙයි. රජ රට වාසින් විසින් කරනු ලබන නියං ශාන්ති කර්මයේදී ගිරි කුමරියගේ නග්න රෑපයක් තබා එයට ශාන්ති කර්මය කිරීමෙන් වර්ෂාව ලැබෙි යයි විශ්වාසයක් පවතී.
………බිසර චානක්‍ය මානගේ……..

ජෝතීෂ්‍ය කටයුතු සදහා විමසීම
බිසර චානක්‍ය මානගේ- 0714 166 166

(ආශ්‍රිත ග්‍රන්ථ කතෘවරුන්ට විශේෂ ස්තුතිය පිරිනමන අතර මෙහි ඇති විෂය කාරනා සමහරක් පොතපතින් උපුටා ගන්නා ලදී )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *