විශ්නු දෙවියන්ට බට කොල කැවු සෙනසුරු දෙවියෝ ….

සෙනසුරා විශ්නු දෙවියන්ට බටකොල කවපු කථාව ඉතාම ප්‍රසිද්ධ එකක්. අපි සෙනසුරා කියන්නේ නැති තැන උනත් ගෞරවයට භයට කියන්නේ සෙනසුරු දෙවියෝ කියලයි. මිනිසුන් තුල සෙනසුරාට තියෙන්නේ භයක් මිස ගෞරවයක් නෙමෙයි.

මිනිසුන්ට තද දඩුවම් පැමිනිවීම තමාගේ කාලයේදි නොයෙක් විපත් කිරිම තමයි සෙනසුරුගේ ක්‍රමය.

දවසක් සෙනසුරාට දේව සභාවේදි විශ්නු දෙවියන් හමු උනා. විශ්නු දෙවියන්ට සෙනසුරු ලබන්න ලගයි. ඉතින් සෙනසුරු ඒ බව මතක් කලා.ඔන්න ඔබ වහන්සේට ඊලගට ලබන්නේ මගේ කාලය තමයි.

මින් කෝපවුනු විශ්නු දෙවියන් සෙනසුරුට අභියෝග කලා. පුලුවන් නම් ඔය ඒරාෂ්ටක කාලයේ මට කරලා පෙන්නපන් කිව්වා. සෙනසුරු නිහඩ උනා. මොකද විශ්නු කියන්නේ ලෝක පාලන දෙවියෝනේ……

දිනෙන් දින විශ්නු දෙවියන්ට සෙනසුරු ඒරාශ්ටකය ලගා උනා. විශ්නු දෙවියන් අභියෝගය කරත් හිතේ සැකය වැඩියි. සෙනසුරා මහ නාහෙට අහන්නේ නැති එකා. මූ මට මොන යටි කූට්ටු වැඩක් කරයිද දන්නේ නැහැ. විශ්නු දෙවියන්ට හිතුනා.

ඒරාශ්ටක කාලයේ සෙනසුරුට හොයාගන්න බැරි තැනක විශ්නු දෙවියන් සැගවුනා. විශාල සුදු ඇත් වේශයක් මවාගෙන වනගත උනා.

කාටවත් ඇස නොගැටෙන පැත්තකට යන්න ඕන. ඒ නිසා බට ගස් වලින් පිරිච්ච වනාන්තරයක තමයි හැන්ගුනේ. මෙහෙම ඉන්නකොට මේ ඇත් රාජයා බොරු වලක වැටිලා වම් කකුල නොන්ඩි උනා. ඉතින් බට කැලේ නොන්ඩි ගහ ගහා හත් අවුරුදු ඒ රාශ්ටකය ගෙව්වා. ආහාරයට ගත්තේ බට කොල.

ඒ ඒරාශ්ටකය ඉවර උනා. විශ්නු දෙවියන් නැවතත් ඇත් වේශයෙන් මිදි දිවිය ලෝකයට ගියා. ඊලග දේව සභාව රැස් වෙන දිනයේදි විශ්නු දෙවියන් සෙනසුරුගෙන් ඇහුවා කෝ උඹමට අපල කරාද කියලා.

ඇයි ඔබ වහන්සේ හත් අවුරුද්දක් නොන්ඩි ගහ ගහා බට කොල කකා පස්ස පැත්ත හෝදන්නේ නැතුවනේ හිට්යේ. ඒ මදිද කියලා සෙනසුරු ඇහුවා. විශ්නු දෙවියන්ට ලැජ්ජා හිතුනා.

සෙනසුරු පහත් වන්නේ දුප්පතුන්ට පමනයි. රාශි චක්රය වටේ තිස් අවුරුද්දක් ගමන් කරන සෙනසුරා ඔහොම ගිහිල්ලා තම නිවස වන තුලා රාශියට එනවා. සෙනසුරු විශ්වය වටේ ගිහිල්ලා මෙතනට එනකොට තමයි සෙනසුරුට අම්මව හමු හම්බ වෙන්නේ.

සෙනසුරු නිසා ජනතාවට විපත් වෙනවා කියලා අම්මා ඉතාම කනස්ස්ල්ලෙන් හිටියේ. දවසක් අම්මා සෙනසුරුගෙන් මෙහෙම ඇහුවා.

“ඇයි පුතේ උඹ මේ දුප්පත් අසරනයින්ට විතරක් අපල කරන්නේ.”

සෙනසුරු කතා කලේ නැත. අම්මට උනත් නියම වෙලාව ආවම උත්තරේ දෙන්නම්කෝ කියලා සෙනසුරු නිහඩ උනා.

“අම්මාගේ අතින් මට බත් කටක් කවාගන්න ඕන. හැබැයි අලු කෙසෙල් වෑන්ජනත් එක්ක තමයි කන්න ඕන සෙනසුරු කිව්වා.”

“ඕක මොකද්ද මගේ පුතාට මම ටක් ගාලා උයලා දෙන්නම්.”

එහෙම කියපු අම්මා කෙසෙල් කොරටුවට ගියා. තෝරලා තෝරලා කෙසෙල් ඇවරියක් කපා ගත්තු අම්මා ඒක උයලා බත් එක්ක සෙනසුරුට කැව්වා. කවන ගමන් අම්මා ආයෙත් අහනවා “පුතේ ඇයි උබ මේ අහිනසකයන්ට විතරක් හෙන ගෙඩි පාත් කරන්නේ” කියලා.

සෙනසුරා කතා කලා
“ඇයි අම්මේ මෙච්චර මේ හොද ලොකුවට කෙසෙල් තියෙද්දි අර කේඩැරි පදුරකින් කෙසෙල් ඇවරියක් කැපුවේ” කියලා.

මං කෙහොමද දරුවො හිතක් පපුවක් නැතුව අර සරුසාරව ලොකුවට තියෙන කෙසෙල් කැනකින් ඇවරියක් කපන්නේ.

“ඉතින් අම්මේ මං කොහොමද හිතක් පපුවක් නැතිව සංසාර පුරාවටම පිං එකතු කරපු ලොකු වැදගත් නෝන මහත්තරුන්ට හයිරං කරන්නේ.”

අම්මාට කියන්න දෙයක් නැති වුනා.

ඒ තමයි සෙනසුරුගේ හැටි……

සියලුම ජෝතිශ්‍ය කටයුතු සදහා අමතන්න….
ජෝතිෂ්‍යවේදි බිසර චානක්‍ය මානගේ
15/C2 පන්සල පාර. තලවතූගොඩ.
දුරකථන-0714 166 166

Leave a Reply

Your email address will not be published. Required fields are marked *